ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 බළඝණය 11 වන සංවත්සරය සමරනු ලබයි
6:37pm on Sunday 12th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 බළඝණය 2024 මැයි 06 වන දින සිය 11 වන සංවත්සරය සමරු වැඩසටහන් මාලාවකින් සමරන ලදී. අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒආර් පතිරගේ විසින් සමාලෝචනය කරන ලද 61 ගුවන් යානා අංගන පරිශ්‍රයේදී බළඝණයේ නිළධාරීන් සෙසු නිළයින්ගේ සහභාගීත්වයෙන් පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම් උත්සවය ආරම්භ විය. අනතුරුම කදවුරු ක්රීඩාංගයේදී සුහද ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.
රත්නපුර දිස්ත්‍රික්කයේ කළුඳුර ජාතික පාසලේ සහ දිවුරුම්පිටිය දෙමළ පාසලේ සිසුන් සඳහා 2024 අප්‍රේල් 30 වැනි දින පවත්වන ලද වෛද්‍ය වැඩසටහනක් මෙම ක්‍රියාකාරකම්වලට ඇතුළත් විය. සිසුන් සහ ගුරුවරුන් 250 කට අධික සංඛ්‍යාවක් අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ සමඟ දෘශ්‍ය, වෛද්‍ය සහ දන්ත පරීක්ෂාවන් ලබා ගත්හ. තවද, මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ රෝගීන්ට උපකාර කිරීම සඳහා 100 කට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කරමින් ලේ දන්දීමේ වැඩසටහනක්ද පවත්වන ලද අතර දෙහිවල ගල්කිස්ස ඩයමන්ඩ් ස්ටාර්ස් හි සිංහ සමාජය විසින් සපයන ලද නොමසුරු අනුග්‍රහය මත මෙම ඉසව් සාර්ථකව නිම කිරීමට හැකි විය.
ඊට අමතරව 2024 මැයි මස 02 වන දින රත්මලාන අන්ධ හා බිහිරි පාසලේ දරුවන්ට ප්‍රයෝජනවත් වන පරිදි 61 බළඝනයේ සාමාජිකයින්ගේ සාමූහික උත්සාහයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.