ගුවන් හමුදාධිපතිතුමන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි 06 වැනි දින ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය හමුවිය.

ගුවන් හමුදාධිපතිතුමන් සහ මහ කොමසාරිස්වරයා අතර පැවති සුහද සාකච්ඡාවේදී, නාවික වසම් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සිදුකරන සහයෝගීතා ප්‍රයත්නයන් පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධානය යොමු කරන ලදී. තවද, ඔස්ට්‍රේලියානු හමුදාව සමඟ පුහුණුවීම් සහ ඒකාබද්ධ අභ්‍යාස සඳහා ඇති අවස්ථා පිළිබඳවද මෙම සාකච්ඡාවලදී අවධානය යොමු විය. සංවාදයෙන් අනතුරුව මෙම සුවිශේෂී අවස්ථාව සිහිපත් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි