ගුවන් හමුදාධිපති ජපන් උප මාණ්ඩලික ප්‍රධානීමුතන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි මස 06 වන දින ඕස්ට්‍රේලියාවේ පවත්වනු ලබන ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුව නිමිත්තෙන් ජපානයේ උප මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ටකුටෝ ඔගස්වාරා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.

මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර (HADR) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, විශේෂයෙන් ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම ඇතුළු වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර   අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ උප මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි