ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධානියා හමුවෙයි
ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුව නිමිත්තෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි 07 වන දින රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් මාර්ෂල් රොබට් චිප්මන් මහතා හමුවිය.
ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම, දැනුම බෙදාගැනීමේ සැසි සඳහා පහසුකම් සැලසීම සහ ඒකාබද්ධ පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරුන් දෙදෙනා සාකච්ඡා කළහ. සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපතිවරුන් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.