ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ පෙර පාසලට නව ගොඩනැගිල්ලක්
ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුරේ ස්ථාපිත පෙර පාසලට නව පංති කාමරයක් ලබා දීමේ උත්සවයක් ජූනි මස 27වන දින ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පෙර පාසලේ බටහිර සංගීත කණ්ඩායම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය හා හිගුරක්ගොඩ කඳවුරේ සේවා වනිතා සභාපතිනි ඉනෝකා රාජපක්ෂ යන අය පිළිගන්නා ලදී.

හිගුරක්ගොඩ ප්‍රදේශයේ පෙර පාසල් අතරින් ගුවන් හමුදා පෙර පාසල ප්‍රධාන තැනක් ගනී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්ෂගේ උපදේශකත්වය යටතේ බළඝණ නායක ඩබ්ලිව්. වී. කේ. වීරමන් හා පෙර පාසල් ළමුන්ගේ දෙමවුපියන් එක්ව මෙම සාර්ථකත්වය ලබා ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

තවද පෙර පාසල් ළමුන්ගේ විවිධ ප්‍රසංගයක් පැවැත්විණි.  




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි