සේවා වනිතා ඒකකයේ හුස්ම සැලැස්ම මගින් බලගන්වන ''සෙනෙහසේ ජවය'' ක්‍රීඩා හමුව
“සෙනෙහස” අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අවශ්‍යතා, සිහින සහ අපේක්ෂාවන් සඳහා රැකවරණය සහ සහාය දැක්වීමේ ප්‍රධාන අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශය සහ රණවිරු සේවා අධිකාරිය යටතේ පිහිටුවා ඇති ළමා සුරැකුම් ආයතනයකි. මෙම ආයතනය ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු දරුවන් සහ සිවිල් සේවකයින් සඳහා දිවා කාලයේ විශේෂ රැකවරණය සපයයි.
කථන සහ භාෂා ප්‍රතිකාර, ඔටිසම් කළමනාකරණය, වෘත්තීය ප්‍රතිකාර, ජල ප්‍රතිකාර සහ සෞන්දර්ය ප්‍රතිකාර ඇතුළුව, මෙම ආයතනය දරුවන්ට පුද්ගලාරෝපිත සේවාවන් සපයයි. කායික වෛද්‍ය හා පුනරුත්ථාපන ඒකකය, උපකාරක ආධාර සහ තොරතුරු තාක්ෂණ ඒකකය, බහු සංවේදක ප්‍රවේශ ඒකකය, ළමා දන්ත වෛද්‍ය ඒකකය, දෛනික ජීවන කුසලතා පුහුණු ඒකකය, වෘත්තීය පුහුණු ඒකකය සහ පර්යේෂණ ක්‍රමවේදය සහ ව්‍යාපෘති ඒකකය හරහා දරුවන්ට ආධාර ලබා දීම මෙමගින් සිදු කරනු ලබයි.
"සෙනෙහස" අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු මධ්‍යස්ථානයේ වාර්ෂික ක්‍රීඩා උළෙල "සෙනෙහසේ ජවය" නමින් සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහය වන අතර එය 2024 මැයි 15 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත් විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ කනිෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් උත්සවය ආරම්භයේදී තූර්ය වාදක සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර එය උත්සවයට තවත් අලංකාරයක් එක් කළේය.
දින දෙකක කාලය තුළ ළමුන් සඳහා ඔවුන්ගේ වයස් කාණ්ඩ අනුව ක්‍රීඩා කිහිපයක් පවත්වන ලද අතර මෙම ආයතනයේ සිසුන් සහ ගුරුවරුන් විසින් වර්ණවත් සරඹ සංදර්ශණයක් ප්‍රදර්ශනය කරන ලදී.
මෙම අවස්ථාවට රණවිරු සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් නිහාල් ජයසිංහ, සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් රෝහණ මාදුගොඩ, ආචාර්ය මණ්ඩලය, ගුරුවරුන් සහ මෙම දරුවන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.