ගුවන් හමුදා මාධ්‍ය අංශය ඡායාරූපකරණය සහ සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඡායාරූප ශිල්පීන් සඳහා ඡායාරූපකරණය සහ සංස්කරණය' කේන්ද්‍ර කරගත් තෙදින වැඩමුළුවක් 2024 මැයි 13 වන දින සිට මැයි 15 දින දක්වා පවත්වන ලද අතර, ගුවන් හමුදා මූලස්ථානයේ පැවති මෙම වැඩසටහනේ ප්‍රධාන උපදේශක ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ (SLRC) කීර්තිමත් හිටපු නිෂ්පාදන අධ්‍යක්ෂ චන්දන සෙනෙවිරත්න මහතා සහභාගී විය.

2024 මැයි මස 15 වන දින සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකින් අවසන් වූ මෙම වැඩමුළුව සදහා  20 ට අධික පිරිසක් සහභාගි වූ අතර,  ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා විසින් චන්දන සෙනෙවිරත්න මහතා වෙත ගුවන් හමුදාව වෙත දක්වන ලද දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය පුද කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි