ගුවන් හමුදා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් 2024 මැයි 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.එම්.එම්.බී.වීරසේකර මහතා සහභාගී විය.

මෙම ගිවිසුමේ පරමාර්ථය වන්නේ දේශීය කෘෂිකාර්මිකයින් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ඵලදායි ආපදා ප්‍රතිචාර සහතික කිරීම සඳහා ස්වභාවික විපත් හේතුවෙන් වගා හානි නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඩ්‍රෝන් තාක්‍ෂණය කාලෝචිත ලෙස සැපයීමට සහ ප්‍රයෝජනයට ගැනීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයට සහාය වීමයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි