ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගයට නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාර දීම සහ භාරගැනීම සාම්ප්‍රදායික පෙළපාලිය 2024 මැයි මස 20 වන දින සිදු කරන ලද අතර එහිදී ගෲප් කැප්ටන් කේඑම්පී හේවාපතිරණ නිළධාරීතුමන්  විසින් විංග් කමාන්ඩර් ඒඑන් හතුරුසිංහ නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදි.  

පෙළපාලිය අතරතුර, නික්ම යන අණදෙන නිළධාරීතුමන් විසින් කඳවුරේ නිළධාරීන් සෙසු නිලයින් ඇමතූ අතර, තම සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියළුම පුද්ගලයින් වෙත සිය අවංක කෘතඥතාව පළ කරන ලදී. ගෲප් කපිතාන් කේ.එම්.පී හේවාපතිරණ මහතා ඉන් අනතුරුව ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලයේ සිවිල්, යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු අංශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි