ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් නියමුවන් සඳහා වන ගුවන් ආරක්ෂාව පිළිබඳ සමාලෝචන වැඩමුළුවට සහභාගී වේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, අධ්‍යක්ෂ ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර යන නිළධාරීන් 2024 මැයි 21 වන දින අංක 04 ප්‍රභූ ආරක්ෂක හෙලිකොප්ටර් බලඝණයේ පැවති ගුවන් ගමන් ආරක්ෂණ සමාලෝචන වැඩමුළුවට සහභාගී වූහ.හමුදා ගුවන් ආරක්ෂක පරීක්ෂක කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුලුව සදහා අනෙකුත් පියාසර බලඝණවල නියමුවන් සූම් තාක්ෂණය හරහා දුරස්ථව සහභාගී විය.
වැඩමුළුව අතරතුර, අංක 04 බලඝණයේ නියමුවන් විසින් ප්‍රභූ ආරක්ෂක හෙලිකොප්ටර් බලඝණයේ පියාසර රාජකාරි සහ ඔවුන්ගේ මෙහෙයුම් වගකීම් සම්බන්ධයෙන් ඔවුන්ගේ වර්තමාන භූමිකාවන් පිළිබඳව කෙටි විස්තර ලබා දෙන ලදී. දැනුම බෙදාගැනීමේ සැසියට ඉරානයේ සහ මැලේසියාවේ මෑත කාලීන හෙලිකොප්ටර් අනතුරු පිළිබඳ සිද්ධි අධ්‍යයනයන් ඇතුළත් වූ අතර, උගත් පාඩම් ලබා ගැනීම සඳහා විශ්ලේෂණය කරන ලද අතර වැඩිදියුණු කළ ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සිය විස්තීරණ පියාසර අත්දැකීම් බෙදාහදා ගනිමින් සැසියට සැලකිය යුතු දායකත්වයක් ලබාදුන් අතර, අතීත අවස්ථා රැසක් උපුටා ගනිමින් සියලු මෙහෙයුම් වලදී පියාසර ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙස නියමුවන්ට උපදෙස් දුන්නේය. කලාපයේ අයහපත් කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ සහ එයාර් වයිස් මාර්ෂල් සුමනවීර යන මහත්වරු ද සාකච්ඡාවට දායක වෙමින් සිය අත්දැකීම් බෙදා ගත්හ.
සැසිවාරයෙන් අනතුරුව, හදිසි ප්‍රතිචාර සූදානම තක්සේරු කිරීම සඳහා අංක 04 බලඝනය විසින් සංවිධානය කර තිබූ ගලවා ගැනීමේ සහ මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) මෙහෙයුම් සඳහා භාවිතා කරන ආරක්‍ෂිත ආම්පන්න සහ හදිසි උපකරණද ගුවන් හමුදාධිපතිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.