ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව අධ්‍යක්ෂ ජනරාල් සැපයුම් පත් කරන ලදී
9:20pm on Tuesday 28th May 2024
එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහ මහතා 2024 මැයි 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දී එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහ මහතා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කළ අතර නව සැපයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සිය සුභාශිංසන පළ කරන ලදී.  

එයාර් වයිස් මාර්ෂල් දීපාල් මුණසිංහ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර 1989 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 22 වන බඳවා ගැනීමේ සැපයුම් ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ විය. දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ මූලික සටන් පුහුණු පාඨමාලාව සහ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සැපයුම් ශාඛා පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව ඔහු 1992 දී ගුවන් නියමු නිලධාරියෙකු ලෙස අධිකාරීත්වයට පත් විය.

එයාර් වයිස් මාර්ෂල් මුණසිංහ සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය පුරාවටම විවිධ වූ සහ සැලකිය යුතු වැදගත් රාඡකාරීන් විශාල ප්‍රමානයක් භාරගෙන ඇත. සහකාර දේශීය ප්‍රසම්පාදන නිලධාරී, මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවධීන්හිදී පියාසර පක්ෂාංග කිහිපයක අණදෙන නිලධාරී, කොළඹ ගුවන් හමුදා කඳවුර, අනුරාධපුර කඳවුර නිලධාරී අණදෙන සැපයුම් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, තාක්‍ෂණික උපදේශක, කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී සැපයුම් ඓඓඓ, සැපයුම් සහ නඩත්තු ඩිපෝව, ගුවන් යානා අමතර ගබඩා අංගනය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම් ඒකකය, අංක 03 විවේක හා විනෝදාස්වාද පක්ෂාංග අණදෙන නිලධාරී. මාණ්ඩලික නිලධාරී විගණනය සහ ගුණාත්මකභාවය, මාණ්ඩලික නිලධාරී සැපයුම් ඓ, කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අධ්‍යක්ෂ සැපයුම් සහ සේවා සහ අධ්‍යක්ෂ සැපයුම් පුද්ගලික සහ සැලසුම් අධ්‍යක්ෂක  සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රවාහන අධ්‍යක්ෂ කාර්යාලය ලෙස ඔහුගේ සේවය මෙම කැපී පෙනෙන තනතුරු අතර වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔහු කළ සුවිශේෂී සේවය අගයමින් රණ සූර පදක්කම, උත්තම සේවා පද්දක්කම, දිගු සේවා පදක්කම, රිවිරැස සේවා පදක්කම, උතුරු නැගෙනහිර මානුෂීය පදක්කම් සහ පූර්ණ ඇතුළු පදක්කම් රාශියක් පිරිනමා ඇත.

එයාර් වයිස් මාර්ෂල් මුණසිංහ සිය යුධ අත්දැකීම්වලට අමතරව විවිධ විදේශීය සහ දේශීය පුහුණු පාඨමාලා හැදෑරූ අතර, පකිස්තානයේ ජ්‍යෙෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව, මිලදී ගැනීමේ කළමනාකරණ පාඨමාලාවේ මූලික කරුණු - ISMM, රජයේ ටෙන්ඩර් ක්‍රියාපටිපාටි පාඨමාලාව - INGAF, ගබඩා කළමනාකරණ පාඨමාලාවේ මූලික කරුණු - SLIDA, ගුවන් ඉන්ධන තත්ත්ව පාලන පාඨමාලාව - CPC, යන පාඨමාලා මේවා අතර කැපී පෙනේ.

මීට අමතරව, ඔහු කීර්තිමත් මලල ක්‍රීඩකයෙකි, 1988 දී හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන ලද අතර 2022 සහ 2023 වසරවල ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ සභාපතිත්වය දැරූ දක්ෂ ක්‍රීඩකයෙකි. තවද, ඔහු ශ්‍රී ලංකා මලල ක්‍රීඩා හිටපු විධායක සභිකයෙකි. 2022 සිට ශ්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා සභාපති ලෙස කටයුතු කර ඇත. එපමණක් නොව, ඔහු ඩුබායි හි පැවති ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ මලල ක්‍රීඩා සමුළුවට නියෝජිත ප්‍රධානියා ලෙස සහ ඉරානයේ පැවති 5 වන ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ ආසියානු සමුළුවට සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි