දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් සමරමින්
දශක තුනකට ආසන්න කාලයක් පුරාවට මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීමට තම දිවි පිදු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි 'රණවිරු ස්මාරකය' වෙත පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ජූලි මස 02 වන දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානීන්, නිළධාරීන්, සෙසු නිළධාරීන් ඇතුළු රැසක් සහභාගී වූහ.
මිය ගිය රණවිරුවන්ගේ ඥාතීන් හා දූ දරුවන් මේ අවස්ථවට එක්වූ අතර, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් උදෙසා පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලදී. අනතුරුව සියළුම රණවිරුවන් වෙනුවෙන් ගුවන් හමුදාවේ අවසන් උපහාරය දක්වමින් උත්සවය නිමා කරන ලදී.