ඡපාන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් ගිලන් රථ, ශිෂ්‍යත්ව සහ ඇස් කණ්නාඩි ප්‍රදානය කරයි
9:40pm on Tuesday 28th May 2024
ජපාන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය, Goto Hideaki මහතාගේ සහ අනෙකුත් නියෝජිත පිරිසේ නොමසුරු සහයෝගය ඇතිව නිසාන් ගිලන්රථ දෙකක්, සුදුසුකම් ලත් පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව පහක් සහ කියවීමේ උපැස් යුගල තොගයක් 2024 මැයි 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රදානය කරන ලදී. මෙම වර්ණවත් උත්සවයේදී නියෝජිත පිරිස විසින් නිල වශයෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත ගිලන්රථ භාරදෙන ලදී.

මෙම පරිත්‍යාගය අගයමින් ජපන් දූත පිරිස සඳහා එම දිනය අමතක නොවන දිනය බවට පත්කිරීමේ අරමුණින් විශේෂ සංස්කෘතික වැඩසටහනක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ජපන් ලංකා මිත්‍රත්ව සංගමය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර මිත්‍රත්වය 2015 වසරේ සිට පැවත එන අතර ගිනි නිවන රථ, ගිලන්රථ, හැරවුම් ඉණිමඟ වාහන සහ ගිනි නිවන මෝටර් රථයක් නොමසුරුව පරිත්‍යාග කිරීමෙන් එය ශක්තිමත් විය.

මෙම අවස්ථාවට සීමාසහිත A- Global Company හි සභාපති,  Jin Songyue මහත්මිය,  ජපාන ලංකා මිත්‍රත්ව සංගමයේ උප සභාපති ආචාර්ය එරංගා හසන්ති, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ඉනෝකා රාජපක්ෂ මහත්මිය, මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ජයවර්ධනපුරකෝට්ට ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු රුවන් චන්දිම, නිළධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන්ගේ පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි