ගුවන් හමුදා සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනය හා දානමය පිංකම
දසක තුනක් පුරාවට පැවැති යුද්ධයේදී දිවි පිදූ ගුවන් හමුදා රණවිරුවන් වෙනුවෙන් සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනය හා දානමය පිංකම පසුගිය සෙනසුරාදා (03) රාත්‍රියේ සිට ඉරිදා උදෑසන දක්වා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් පෙරහැරකින් 'ධාතු කරඬුව' පිරිත් මණ්ඩපය වෙත වඩම්මන ලදී. තවද මෙම ආගමික වතාවත් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි. පිරිත් සජ්ඣායනාව අවසන් වීමෙන් අණතුරුව ගුවන් හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහා සඟරුවනට 'අට පිරිකර' පූජා කිරීමක්ද සිදු විය.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි