ගුවන් හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ වාර්ෂික පරීක්ෂණ සිදුකරනු ලබයි
7:39pm on Wednesday 5th June 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මැයි 31 වන දින ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර විසින් අණදෙන ලද පරීක්ෂණ පෙළපාලිය සමාලෝචනය කරන ලදී. තවද, ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුර සඳහා ඔවුන් දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් පහත සඳහන් සේවා පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බළපංති සැරයන් විජේතිලක
කෝප්‍රල් ප්‍රියංකර
කෝප්‍රල් පෙරේරා
කෝප්‍රල් විමලසූරිය

පරීක්‍ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, උපකරණ අංශය සහ අංක 2 සැපයුම් හා නඩත්තු ඩිපෝව, අංක 9 බලඝණය, අංක 7 බලඝනය, ගුවන් භට සමාජ සලාව, අංක 25 රෙජිමේන්තු පක්ෂාංගය සහ කඳවුරේ අනෙකුත් සියලුම ස්ථානවල සංචාරය කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් සාමාන්‍ය පරිදි සියලුම නිලයන් සඳහා වූ දිවා ආහාරය සඳහා නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟින් ගුවන් භට භෝඡනාගාරයේදී සහභාගී විය.

සිය දේශනය අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළුම පිරිස් වෙත සිය කෘතඥතාව පළ කළ අතර, කඳවුර සුවිශේෂී ලෙස උසස් ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට ඔවුන්ගේ නොසැලෙන සහ නොපසුබස්නා උත්සාහය සහ සමාජ සේවා කටයුතු සඳහා ඔවුන්ගේ සැලකිය යුතු දායකත්වය අගය කරන ලදී. අවසාන වශයෙන්, කදවුර වත්මන් විශිෂ්ඨත්වයට නංවාලීමට නොපසුබස්නා උත්සාහයක නිරත වූ කඳවුරු අණදෙන නිළධාරීන්, සියලු පත්ෂාංගවල අණදෙන නිළධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය ප්‍රශංසාව පුද කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි