අංක 4 ප්‍රභූ ආරක්ෂක හෙලිකොප්ටර් යානා බලඝණය 59 වැනි සංවත්සරය සමරයි
7:40pm on Wednesday 5th June 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 ප්‍රභූ ආරක්ෂක හෙලිකොප්ටර් යානා බලඝණය 2024 ජුනි 01 වන දින සිය 59 වන සංවත්සරය සමරන ලදී. සියලුම බලඝණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සරය සැමරුම ආරම්භ කරන ලද අතර මොරටුව රාවතාවත්ත සර්වෝදය සුවසෙත ලීලා ජයසේකර ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වෙමින් ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ද සිදු කරන ලදී.

1965 දී වෙනම ගුවන් ගමනක් ලෙස ආරම්භ කරන ලද අංක 4 හෙලිකොප්ටර් බලඝණය අද වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වඩාත්ම පළපුරුදු මෙහෙයුම් බලඝණයක් ලෙස වෘත්තීයභාවයෙන් සහ කීර්තියෙන් වර්ධනය වී ඇත.

අංක 4 හෙලිකොප්ටර් බලඝණය බෙල් 212 , 412/412EP සහ Mi-171E හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් දේශීය හා විදේශීය ප්‍රභූවරුන්ගේ ගුවන් ප්‍රවාහනයේ යෙදෙමින් අභිමානයෙන් යුතුව සේවය කරයි. ඊට අමතරව සෙවීම් සහ මුදාගැනීම්, අනතුරු ඉවත් කිරීම්, වෛද්‍ය ආධාර, ආපදා සහන මෙහෙයුම්, ඔත්තු බැලීමේ ගුවන් ගමන්, ගිනි නිවීමේ මෙහෙයුම් යනාදී වෙනත් මෙහෙයුම් කාර්ය භාරයන් සඳහා බලඝණයට හැකියාව ඇත.

වසර 59 ක කාලයක් ජාතිය වෙනුවෙන් කැපවී සේවය කරමින් පැමිණි ගමනේදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අපේක්ෂාවන්ට අනුව ඉටුකරගත් කඩඉම් රැසකට ලඟාවීම සඳහා එහි සේවය කළ හිටපු සාමාජිකයින් ඇතුළු බලඝණ නිලධාරීන්ගේ කැපවීම සඳහන් කිරීම විශේෂත්වයකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි