වීරවිල ගුවන් හමුදා කඳවුර 46 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුර 2024 ජූනි 01 වන දින අභිමානවත් ලෙස සිය 46 වන වසර සමරන ලදී. මෙම කදවුරේ ප්‍රථම අණදෙන නිළධාරියා ලෙස පියාසර නිළධාරී රුබී ද අල්විස් ගේ නායකත්වයෙන් 1978 ජුනි 01 වන දින ආරම්භ කරන ලදී. 36 වැනි වර්ථමාන අණදෙන නිලධාරි ලෙස ගෲප් කැප්ටන් එස්.පී.ජයසිංහ නිළධාරීතුමන් කටයුතු කරයි.

සංවත්සර දිනයට සමගාමීව අභිනවාරාම විහාරස්ථානයේ ශ්‍රමදානය වැඩසටහනක් සිදුකරන ලද අතර 2024 මැයි 31 වන දින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 46 නමක් වීරවිල ප්‍රදේශයේ 'පිණ්ඩපාතය' වැඩම කරවා අනතුරුව ගුවන් භට භෝඡනාගාරයේ දී දානමය පිංකමක් ද පවත්වන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය 2024 ජුනි 01 වන දින කදවුරු  පරිශ්‍රෙය්දී පවත්වන ලද අතර එය අණදෙන නිලධාරිතුමන් විසින් සමාලෝචනය කරන ලදී. පෙළපාලියට අමතරව සියලුම සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක්, සර්ව ආගමික වතාවත් සහ ක්‍රීඩා ඉසව්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි