ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුභසාධන පහසුකම් සඳහා ප්‍රතිපෝෂණ අධීක්ෂණ පද්ධතියක් දියත් කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී 2024 ජූනි 03 ආරම්භ කරන ලද 'ප්‍රතිපෝෂණ අධීක්ෂණ පද්ධතියක්' ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් සියලුම ගුවන් හමුදා සාමාජිකයින් සඳහා හඳුන්වා දෙන ලදී.
සුභසාධක සාප්පු, ආපනශාලා, පිහිනුම් තටාක, ක්ලිපර්ස් රූපලාවන්‍යාගාර සහ යනාදිය ඇතුළුව විවිධ ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරුවල සපයනු ලබන සුභසාධන පහසුකම් පිළිබඳව ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිචාර ඉදිරිපත් කිරීමට මෙම පද්ධතිය පරිශීලකයින්ට ඉඩ සලසයි. පරිශීලකයින්ට ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ලබා ගත හැකි වෙබ් පාදක වේදිකාව හෝ ජංගම යෙදුම හරහා අදහස් දැක්විය හැක.
මෙම එළිදැක්වීමේ උත්සවයට මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් ලේකම්, එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ, එයාර් කොමඩෝර් අසිත හෙට්ටිආරච්චි, ඇතුළු තොරතුරු තාක්ෂණ නිලධාරීන් සහභාගී වූහ.