ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ගම්පහ ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් පවුල්වලට සහන සලසයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ, කටුනායක ගුවන් හමුදා කඳවුරේ විවේක හා විනෝදාත්මක පක්ෂාංගයේ සහයෝගීතාවයෙන් හා සේවා වනිතා ඒකකය විසින් ගංවතුරින් විපතට පත් පවුල්වලට සහන සැලසීමේ අරමුණින් 2024 ජුනි 05 වන දින විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය නැගෙනහිර වෙරළ පදනමේ ආචාර්ය සුදත් රන්නුලු මහතා විසින් ගංවතුරින් විපතට පත් පවුල්වලට අවශ්‍ය අවස්ථාවලදී ඔවුන්ට උපකාර කිරීම සඳහා මූල්‍යමය දායකත්වයක් ලබා දෙමින් සේවා වනිතා ඒකකයේ හුස්ම ව්‍යාපෘතියට සහාය විය.

මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළගම, පහළගම, සහ අකරවිට ප්‍රදේශවල පවුල් සඳහා රාත්‍රී ආහාර පාර්සල් සහ ජල බෝතල් 1000කට අධික ප්‍රමාණයක් බෙදා දෙන ලදී. මෙම පුණ්‍ය කටයුත්ත සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සක්‍රීයව සහභාගී විය. තවද, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම්, ස්කොඩ්‍රන් ලීඩර් විලුදිනී යටවර මහත්මිය, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, සෙසු නිළයින්ක්‍ද මෙම කාර්යය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි