
ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා "හුස්ම" ව්‍යාපෘතිය මුලිකත්වයෙන් විශේෂ පරිත්‍යාග වැඩසටහන
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මඟපෙන්වීම යටතේ "හුස්ම" වැඩසටහන යටතේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී. ගංවතුරින් විපතට පත් ගුවන් හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසකට සහ සිවිල් සාමාජිකයින් වෙත වියළි සලාක ඇසුරුම් බෙදාදීම මෙම වැඩසටහනට ඇතුළත් විය. ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල විපතට පත් එක් එක් පුද්ගලයාට උපකාර කිරීම සඳහා කටුනායක, රත්මලාන, කටුකුරුන්ද, මීරිගම, කොළඹ, ඒකල, කොග්ගල, දියතලාව, වීරවිල සහ පාලවි ඇතුළු ගුවන් හමුදා කඳවුරු මගින් පරිත්‍යාග සිදු කරන ලදී.ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා "හුස්ම" ව්‍යාපෘතිය මුලිකත්වයෙන් විශේෂ පරිත්‍යාග වැඩසටහන




