ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය සිදු කරනු ලබයි
10:05pm on Sunday 16th June 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 ජූනි 12 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේදී වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා ප්‍රමිතිවලින් සමන්විත පෙළපාලිය සමාලෝචනය සිදු කරන ලද අතර, ගුවන් හමුදා වවුනියාව කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අමිත ජයමහ විසින් පෙළපාලියට අණ දෙන ලදී. තවද, වවුනියාව ගුවන් හමුදා කඳවුරට ඔවුන් දැක්වූ අමිල දායකත්වය අගයමින් පහත සඳහන් සේවා පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.

බළපංති සැරයන් වීරසිංහ ඩබ්ලිව්එම්අයිආර්
සැරයන් සිරිවර්ධන ඒඑස්කේ
සැරයන් ජයතිලක ටීඑම්ආර්එල්

පරීක්‍ෂණය අතරතුරදී, ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 111 UAV බලඝනය, අංක 2 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය, අංක 23 රෙජිමේන්තු පක්‍ෂාංගය, අංක 2 මෝටර් රථ ප්‍රවාහන අලුත්වැඩියාව සහ අලුත්වැඩියා අංශය, ගුවන් භට සමාජ ශාලාව ඇතුළු කඳවුරේ සෙසු ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟින් ගුවන් භට භෝඡනාගාරයේ පැවති සියලු නිලයන් සඳහා වූ දිවා භෝජන සංග්‍රහයට ද එක් විය. ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය අවසන් කරමින් සිවිල් නිලධාරීන් ඇතුළු සියලුම නිලයන් අමතමින් කඳවුරේ ප්‍රමිතීන් ඉහළ නැංවීමට ඔවුන් දරන වෙහෙස අගය කළ අතර ගුවන් හමුදාවට තම උපරිම දායකත්වය ලබාදීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි