ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ගෝල්ෆ් කී්‍රඩාංගණයක් ඉදිකිරිම අරඔයි
10:13pm on Sunday 16th June 2024
ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සිගිරිය කඳවුරේ ඉදිකිරිමට නියමිත ’ඊගල්ස් සිටඩේල් (Eagle’s Citadel Golf Course) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ ඉදිකිරිමෙි කටයුතු නිළ වශයෙන් ආරමිභ කිරිමේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුන්ගේ ආරාධනයට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 2024 ජුනි 13 වන දිනෙ සහභාගි විය.   

දෙස් විදෙස් සංචාරකයින්ගේ ප්‍රධානම සංචාරක පරාදිසයක් ලෙස සැලකෙන සිගිරි ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඉදිකරනු ලබන මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය සිගිරිය ගුවන් හමුදා කඳවුරේ සුන්දර පරිසරයක සංචාරකයින්ගේ ආකර්ෂනය ඇද ගැනීමට හැකිවන අයුරින් ඉතා අලංකාරව ඉදිකිරිමට සැලසුමිකර ඇති අතර ගෝල්ෆ් ක්‍රිඩාංගනයේ මනරම් බවට මෙන්ම ගෝල්ෆ් ක්‍රිඩකයින් ගේ අභියෝගාත්මක තරගකාරිත්වයක අත්දැකිම ලබා ගැනිමට අවස්ථාව සලසා දිමෙි අරමුණින් අයිලන්ඩි ටි (Island T) හා අයිලන්ඩී බේ (Island Bay) ලෙස ස්ථානයන් මෙම නව ගෝල්ෆ් කී්‍රඩාංගණය තුල  ඉදිකිරිමට ද නියමිතව ඇත

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ජාත්‍යන්තර මටිටමෙි ගෝල්ෆ් ක්‍රීඩාංගණ ත්‍රිත්වයක් ත්‍රිකූණාමලය අනුරාධපුර සහ කොග්ගල යන ගුවන් හමුදා කදවුරු තුල ඉදිකර ඇති අතර සිගිරි ගුවන් හමුදා කඳවුරේ ඉදිකිරිමට නියමිත මෙම ගෝල්ෆ් කී්‍රඩාංගණය ගුවන් හමුදාව සතු සිවිවන ගෝල්ෆ් කී්‍රඩාංගණය වෙි  

මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය තුල ගෝල්ෆ් ක්‍රීඩාවට අවශ්‍ය සියළුම පහසුකමි සැලසිමට නියමිත අතර ගෝල්ෆ් ක්‍රිඩාව සදහා අවශ්‍ය ක්‍රිඩා උපකරණ නවාතැන් පහසුකමි, ආහාර පාන, ආදි සියළුම පහසුකමි ලබාගත හැකිවනසේ ඉදිකිරිමි සිදුකිරිමට නියමිත අතර ගෝල්ෆ් ක්‍රිඩාව සදහා කැමැත්තක් දක්වනු ලබන ඕනෑම පුද්ගලයෙකු හට මෙම ක්‍රීඩාංගනයට පිවිසීමටත් ක්‍රීඩා කිරීමටත් හැකියාව සලසා දිමටද නිමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි