කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් වූ ගුවන් හමුදාපතිතුමන් පත්වෙයි
10:15pm on Sunday 16th June 2024
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ  ආදි ශිෂ්‍ය සංගමයේ 6 වැනි වාර්ෂික මහා සභා රැස්වීම 2024 ජුනි 13 වන දින පැවැත්විණි. එහි නව සභාපතිවරයා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත් කිරීම සනිටුහන් කරන ලදී. විශ්ව විද්‍යාලයේ උරුමය සහ ආරක්ෂක අධ්‍යාපනය සඳහා එහි අඛණ්ඩ දායකත්වය ලබාදීම සැමරීම සඳහා සම්භාවනීය අමුත්තන්, ආදි ශිෂ්‍යයින් සහ වත්මන් සාමාජිකයින් සමගින් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

වාර්ෂික මහා සභා රැස්වීමේ විධිමත් කටයුතු එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, මේජර් ජෙනරාල් රේණුක රොවෙල් (විශ්‍රාමික), කොමඩෝරු ශ්‍රීමාල් ද සිල්වා සහ ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ ඇතුළු ප්‍රධාන සංගම් නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය වෙත ඔවුන්ගේ කල්පවත්නා සම්බන්ධතාවය සහ කැපවීම සංකේතවත් කරමින් සාමාජිකයින් වෙත අලුතින් දියත් කරන ලද සාමාජික කාඩ්පත් උත්සවාකාරයෙන් ප්‍රදානය කිරීම සන්ධ්‍යාවේ කැපී පෙනෙන විශේෂත්වයක් විය. එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ මේජර් ජෙනරාල් රේණුක රොවෙල් (විශ්‍රාමික) විසින් මෙම උත්සවය මෙහෙයවනු ලැබුවේ උත්සවයට සම්ප්‍රදාය සහ ගෞරවය එක් කරමිනි.

මෙම අවස්ථාවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් දම්මික කුමාර, ආදි ශිෂ්‍යයින්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිලධාරීන්, ආදි ශිෂ්‍යයින් සහ විද්වතුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි