ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය 21 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 21 වන සංවත්සරය අභිමානවත් ලෙස 2024 ජුනි 13 වන දින සමරන ලදී. ගුවන් හමුදා මූලස්ථානය විසින් සැලසුම් කරන ලද පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ රාජ්‍ය අංශයේ සියලුම ප්‍රධාන ඉදිකිරීම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා මෙම පක්ෂාංගය ස්ථාපිත කරන ලදී.
සිය සංවත්සරය නිමිත්තෙන් සිවිල් ඉංජිනේරු පක්ෂාංගය විසින් සීදූව ආබාධිත වෘත්තීය පුහුණු ආයතනයේදී ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලද අතර 2024 ජූනි 07 වන දින VTI පරිශ්‍රයේ දිවා ආහාරය සහ සංගීත වැඩසටහනක්ද පවත්වන ලදී.
චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය අතරතුර පක්ෂාංග අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එන් ඩී ඒකනායක විසින් ගුවන් භටයින් සිව් දෙනෙකුට ඔවුන්ගේ විශිෂ්ඨ සේවය අගයමින් ඇගයීම් ලිපි ප්‍රදානය කරන ලදී අනතුරුව සියලුම සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී සුහද ක්‍රීඩා තරඟයක් ද පවත්වන ලදී.