සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය
12:10pm on Wednesday 19th June 2024
2024 ගුවන් හමුදා රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වාර්ෂික පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය 2024 ජුනි 14 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.

මියගිය රණවිරුවන්ගේ මෙන්ම ආබාධිත රණවිරුවන්ගේ ආත්මයට ආශිර්වාද පළකිරීම සඳහා අධ්‍යක්‍ෂ ජනරාල් සුබසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ ඒකල ගුවන් හමුදා වෙළෙඳ පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු උදිත පියසේන මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම පින්කම සංවිධානය කරන ලදී.

උත්සවය ආරම්භ වීමට පෙර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ‘ධාතු මන්දිරය’ (කරදූව) වෘත්තීය පුහුණු පාසලේ ගුවන් භට භෝඡනාගාරය වෙත වර්ණවත් පෙරහැරකින් රැගෙන එනු ලැබූ අතර, එය පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී.

පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවයට මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ ආදරණීය පවුල්වල සාමාඡිකයින්, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී, කඳවුරු අණදෙන නිළධාරීන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් සියලුම නිලධාරීන්, සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

අනතුරුව, 2024 ජුනි 15 වන දින උදෑසන පූජ්‍ය මහා සංඝරත්නය වෙත දානය පිරිනමන ලද අතර, ගුවන් හමුදාධිපතිතුමන්, මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ඒකල ගුවන් හමුදා වෙළඳ පුහුණු පාසලේ අණදෙන නිළධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රණවිරුවන්ගේ ආදරණීය පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි