අංක 46 නිලධාරීන්ගේ, අංක 06 විදේශ නිලධාරීන්, අංක 62 ගුවන් භටයින් සහ අංක 37 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිවාරණ (EOD) මූලික පාඨමාලා සහතිකය සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය
අංක 46 නිලධාරී, අංක 06 විදේශ නිලධාරී, අංක 62 ගුවන් භට සහ අංක 37 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිවාරණ (EOD) මූලික පාඨමාලා සඳහා සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2024 ජුනි 18 වන දින ගුවන් හමුදා පාලවි කඳවුරේ පෙළපාළි පිටියේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුහුණු අධ්‍යක්‍ෂ එයාර් කොමඩෝර් ඒ.එන්.විජේසිරිවර්ධන නිළධාරීතුමන් සහභාගි විය.

මෙම පෙපාඨමාලාව සදහා ඉන්දීය ගුවන් හමුදා එක් නිලධාරියෙකු, ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු, නාවිකයින් තිදෙනෙකු (03) සහ ගුවන් භටයින් 19 දෙනෙකුගෙන් සමන්විත විය. උත්සවය අතරතුර, පුපුරණ ද්‍රව්‍ය නිවාරණ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරීම සඳහා අභ්‍යාසලාභීන් 26 දෙනෙකුට ඔවුන්ගේ සහතික සහ ලාංඡන හිමි විය.

මූලික පාඨමාලාවේ සම්මානලාභීන්

සෑම අතින්ම දක්ෂතම නිළධාරීයා

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සීආර් කොඩිතුවක්කු

සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යයා

ඒබල් රේට් ඩිඑම්එන් මධුශංක

ප්‍රායෝගික අංශයේ හොඳම නිළධාරීයා
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් සීආර් කොඩිතුවක්කු

ශාස්ත්‍රීය අංශයේ හොඳම ශිෂ්‍යයා
නිලධාරීයා - ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් තුෂාර් බෙල් (ඉන්දියානු ගුවන් හමුදාව)
ගුවන් භටයා - නායක ගුවන් භට බණ්ඩාර ඡේඑම්එස්කේ

ශාරීරික යෝග්‍යතාවයෙන් හොඳම ශිෂ්‍යයා
නායක ගුවන් භට රත්නායක ආර්.එම්.ටී.ඩී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි