
ශ්‍රී ලංකා ගුවන් හමුදාව Ceylon Aeronautical Services සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ Ceylon Aeronautical Services (CAS) අතර වැදගත් අවබෝධතා ගිවිසුමක් 2024 ජුනි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ CAS හි උප සභාපති (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් පිඩීඡේ කුමාරසිරි යන මහත්වරු සහභාගී වූහ. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ තාක්ෂණික හැකියාවන් වැඩිදියුණු කිරීම අරමුණු කර ඇති අතර ගුවන් හමුදා ගුවන් යානා කාර්මික ශිල්පීන් සඳහා උසස් ගුවන් යානා අලුත්වැඩියා පුහුණුව සඳහා පුළුල් ප්‍රතිපාදන ලබා දීමට සැලසුම් කර ඇත.
තවද, ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එම්පීඒ මහවත්තගේ සහ (CAS) හි ගිණුම් කළමණාකාර (විශ්‍රාමික) එයාර් කොමඩෝර් එස්කේඒ සේනාරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
තවද, ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එම්පීඒ මහවත්තගේ සහ (CAS) හි ගිණුම් කළමණාකාර (විශ්‍රාමික) එයාර් කොමඩෝර් එස්කේඒ සේනාරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.