කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළිය ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිතයි
5:00pm on Monday 8th July 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධානය කරනු ලබන කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලය වරායට සමීප සුන්දර චීනවරාය ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් හිදී 2024 ඡූනි මස 29 වන දින පැවැත්වීමට  සියලූ කටයුතු සංවිධානය කර ඇත.

ගෝල්ෆ් ක්‍රීඩාව නංවාලීමේ අරමුණ ඇතිව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ගේ මග පෙන්වීම යටතේ සංවිධානය කරනු ලබන මෙම තරගය සදහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජයන් වන රාඡකීය ගෝල්ෆ් ක්‍රීඩා සමාඡය” නුුුුුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාඡය” වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාඡය හා ගුවන් හමුදා ඊගල්ස් ලින්ක් ගෝල්ෆ් ක්‍රීඩා සමාඡය තරග වැදිමට නියමිත අතර තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා කුසලාන හා ත්‍යාග පිරිනැමිමේ උත්සවය එදින සන්ධ්‍යාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද නියමිිතව ඇත.  

 එක් කණ්ඩායමක් සදහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත වන කණ්ඩායම් පදනම් කරගත් මෙම තරගාවලිය DIMO සමාගමේ ප්‍රධාන අනුග්‍රහකත්වයෙන් හා (CATIC) සමාගමේ සම අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලබන අතර නිල බැංකු සහකරු ලෙස ලංකා බැංකුව කටයුතු කරනු ලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි