
2024 ජනාධිපති කුසලාන ශූරතාවලිය ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කරයි
ජාතික තරුණ සේවා සභාව විසින් Royal College Union Aquatic Club (RCUAC) සහ Youth Vision 2048 සමඟ එක්ව සංවිධානය කරන ලද 2024 ජනාධිපති කුසලානය 2024 ජුනි 29 සිට ජුනි 30 දක්වා සුගතදාස පිහිනුම් තටාක සංකීර්ණයේදී පැවැත්විණි. ඕල්ඩ් තෝමියන් පිහිනුම් සමාජයට (OTSC) එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 10 ට 9 ක් ලෙස විවෘත පිරිමි අංශයේ ජනාධිපති කුසලානයේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි කණ්ඩායම සමත් වූ අතර ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ද ඕල්ඩ් තෝමියන්ස් පිහිනුම් සමාජයට (OTSC) එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 11ට 8ක් ලෙස විවෘත කාන්තා අංශය ජනාධිපති කුසලානයේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. විවෘත පිරිමි කාණ්ඩයේ ෆ්ලයින් ඔෆිසර් ඉසිවරුණ ද සිල්වා සහ විවෘත කාන්තා කාණ්ඩයේ නායක ගුවන් කාන්තා ද සිල්වා කේ.ඩී.ඒ. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩික සහ ක්‍රීඩිකාවට හිමි සම්මාන හිමිකර ගන්නා ලදී.
ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු. සාගල රත්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.
ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගරු. සාගල රත්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.