රෙජිමේන්තු විශේෂ බළකාය සිය 08 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ ස්ථාපිත කර ඇති රෙජිමේන්තු විශේෂ බලකාය 2011 ජූලි 08 වන දින තම 08 වන සංවත්සරය සමරන ලදි.

මෙම බලඝනයේ හිටපු සහ වර්තමාන සියළු සාමාජිකයින්ගේ එකමුතුවෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනයක් සහ පසු දින සංඝගත දක්ෂිනාවක් ද භික්ෂූන් වහන්සේ උදෙසා පිරිණමන ලදි.පසුව එම සංවත්සර සැමරීම වෙනුවෙන් එල්ලේ තරඟාවලියක් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

මෙම අවස්ථාවට මොරවැව ගුවන් හමුදා කඳවුරේ අණ දෙන නිළධාරී වින්ග් කමාන්ඩර් සී.ජේ.
බටගොඩ සහ රෙජිමේන්තු විශේෂ බළකායේ අණ දෙන නිළධාරී බලඝන නායක වාසනා විමලධර්ම ඇතුළු පිරිසක් සහභාගී විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි