අනුරාධපුර ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරික්ෂණය සිදු කරනු ලබයි
11:28am on Tuesday 30th July 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 ජූලි 12 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුම්න්ගේ වාර්ෂික පරීක්ෂාව සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පී.එන්.ගුණතිලක නිළධාරීතුමන් විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලද අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරු අණදෙන නිළධාරී විසින් මෙහෙයවන ලද පරීක්ෂණ පෙළපාලිය සමාලෝචනය කරන ලදී. පෙළපාලිය අතරතුර පහත සඳහන් ගුවන් හමුදා සාමාජිකයින් වෙත ප්රශංසා සහතික පත්ර ප්රදානය කරන ලදී.
බළලත් නිලධාරි එම්.ජී.එල්.එස් කරුණාරත්න
බළපංති සැරයන් රත්නායක ආර්එම්එස්
බළපංති සැරයන් සංජය
නායක ගුවන් භට සෙනෙවිරත්න
පරීක්ෂණය අතරතුරදී, කඳවුරු මූලස්ථානය, අංක 6 බලඝණය, අංක 21 රෙජිමේන්තු පක්ෂාංගය, අංක 33 ගුවන් ආරක්ෂක පක්ෂාංගය, සැපයුම් අංශය, ගුවන් ගමන් බලඝණය. ඇතුළු කඳවුරේ සියලුම ප්රදේශවල සංචාරය කරන ලදී. තවද, කඳවුරේ ප්රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් නව අංගයන් වූ අලුතින් ඉදිකරන ලද ‘ක්ලිපර්’ සැලෝන් සහ ‘බාලදක්ෂ අංගනය’ ද ගුවන් හමුදාධිපත්තුමන් විසින් විවෘත කරන ලදී.
පරීක්ෂණයෙන් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් විසින් අංක 6 බලඝණ අංගනයේදී කඳවුරේ සියලුම නිලයන් සහ සිවිල් සේවකයින් අමතන ලදී. විශේෂයෙන්ම දුෂ්කර කාලවලදී ශ්රී ලංකා ගුවන් හමුදාවට ඔවුන් දක්වන කැපවීම පිළිබඳව ඔහු සියලුම සාමාජිකයින්ට ප්රශංසා කළ අතර, ඊටත් වඩා ඉහළ මට්ටමක විනය සහ ප්රමිතීන් තබාගැනිමට උත්සාහයෙන් කටයුතු කරන ලෙස සිය දේශනයේදී අවධාරනය කරන ලදී. අද අප මුහුණ දෙන දුෂ්කර බාධක සමඟ කටයුතු කිරීමට සියලු සාමාජිකයින්ට ඉහළ මට්ටමේ ස්වයං විනයක් සහ වෘත්තීයභාවයක් තිබිය යුතු බව ද තව දුරටත් ඔවුන්ට සිහිපත් කළේය.