කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල නිල වශයෙන් භාරදෙන ලදී
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා යන මහත්වරුන් විසින් අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල නිල වශයෙන් භාරදීම 2024 ජූලි 16 වන දින සිදු කරන ලදී.
1961 මැයි 01 වන දින ප්‍රාථමික පාසලක් ලෙස ස්ථාපිත කර 2016 දී ද්විතීයික පාසලක් ලෙස උසස් කරන ලද ගුවන් හමුදා පාසල දැන් සුහුරු පන්ති කාමර දෙකක් සහ නවීන පහසුකම් වලින් සමන්විත නව ගොඩනැගිල්ලකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මුල්‍ය අනුග්‍රහයෙන් සිදු කරන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී සහ පාසල් විදුහල්පති නිලන්ත රත්නවීර මහතා විසින් ගරු ආණ්ඩුකාරතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ප්‍රධාන දේශනයේදී ගරු ආණ්ඩුකාරතුමා අනාගත අභිවෘර්ධිය සහ ප්‍රජා සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනයේ තීරණාත්මක කාර්යභාරය අවධාරණය කළේය. සිසුන්ට අධ්‍යාපනික වශයෙන් දස්කම් දැක්වීමට සහ ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මෙවලම් ලබාදීමේදී නව ගොඩනැගිල්ලේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
මෙම ව්‍යාපෘතිය ඉහළම ප්‍රමිතියෙන් යුතුව නිම කිරීම සහතික කරමින් සියලුම පාර්ශ්වකරුවන්ගේ කැපවීම සහ දායකත්වය පිළිබඳව ගුවන් හමුදාපතිවරයා සිය අවංක කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාවට මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නීලිකා පෙරේරා මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ (බස්නාහිර පළාත) ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් නිරූපා මහත්මිය, බස්නාහිර පළාත් සැලසුම් අධ්‍යක්ෂිකා නිල්මිණි පතිරණ මෙනවිය සහ මීගමුව අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ. එමෙන්ම මෙම අවස්ථාව දැක බලා ගැනීමට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ (මීගමුව කොට්ඨාසයේ) විධායක ඉංජිනේරු දිලිනි මල්ෂා මහත්මිය, මීගමුව ප්‍රාදේශීය ඉංජිනේරු රුවන් අලවත්ත මහතා ඇතුළු පාසලේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් එක්ව සිටියහ..