ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂික හින්දු ආගමික උත්සවයක් පවත්වනු ලබයි
ගුවන් හමුදා වාර්ෂික හින්දු ආගමික උත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගීත්වයෙන් 2024 ජූලි 17 වන දින කොළඹ 10, කැප්ටන් ගාඩ්න් ශ්‍රී කෛලාසනාතර් ස්වාමි දේවස්ථානයේ දී පැවැත්විණි. .

මෙම උත්සවයේදී, උත්තරීතර පරිත්‍යාගය සිදු කළ ගුවන් හමුදාවේ සාමාඡිකයින්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට, සියලුම ගුවන් හමුදා කඳවුරුවල සහ දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු වර්ණ ධඡයන්ට මෙන්ම සේවය කරන සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් වෙත ආශිර්වාද ලබා දෙන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා කදවුරු නියෝජනය කරමින්, කඳවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි