ගුවන් හමුදාපති බ්‍රයිඩෙක්ස් 2011 ප්‍රදර්ශනයට ආරාධනා ලබයි
රාජකීය බෲනායි ගුවන් හමුදා පතිතුමාගේ ආරාධනා ලැබ ගුවන් හමුදාපතිතුමා එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම බෲනායි දරුසලම් අන්තර්ජාතික ආරක්ෂණ ප්‍රදර්ෂණයට ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය.

රාජකීය බෲනායි ගුවන් හමුදාපති හාජි ජොෆ් රි බින් හාජි අබ්දුල්ලා විසින් අප ගුවන් හමුදා පතිතුමාව්ව ඉහලින්ම පිලිගෙන ඉහලම සත්කාර ලබා දෙන ලදී.

අනාගතයේ ආරක්ෂාවට තාක්ෂණය යන මැයෙන් පැවති මෙම ප්‍රදර්ෂණ බෲනායි දරුසලම්හී
ඔටුන්න හිමි කුමරු හාජි අල්-මුහ්ටාජී බිල්ලාහ් විවෘත කිරීමට පෙර පැමිණ සිටියවුන් පිළිගනිමින් දේශනයක් පැවැත්වූ අතර බෲනායි දරුසලම්හී සුල්තාන් අතිගරු හාජි හස්සනාල් බොකියාහ් එය විවෘත කරන ලදී. මෙය නැරඹීම සදහා රටවල් කීපයකම යුධ, නාවික සහ ගුවන් හමුදාවන්ට ආයුධ සපයන්නන් මෙන්ම සැම රටකම පාහේ හමුදාපතිවරු සහභාගී විය.

ගුවන් හමුදාපතිතුමා, බෲනායි ගුවන් හමුදාපතිතුමා සමග සුහද හමුවක්ද පැවැත්වූ අතර එහිදී සමරු ඵලක හුවමාරු කිරීමක්ද සිදුවිය. දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයකු වූ ගුවන් හමුදාපතිතුමා බෲනායි රාජකීය ගොල්ෆ් පිටියේ, පැමින් සිටි හමුදාපති වරු වෙනුවෙන් සංවිධානය කල තරගයකට සහබාගී වී තම දක්ෂතා පෙන්වමින් එහිදී තුන්වන ස්ථානය ලග ගන්නා ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණ්තිලක සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ද මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස සහබාගී වන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි