අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවලිය-2024
අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවලිය 2024 ජූලි 16 වන දින සිට 18 වන දින දක්වා පවත්වන ලද අතර සම්මාන ප්‍රදානෝත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන, එයාර් වයිස් මාර්ෂල් පිඒස්ඒන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදා රත්මලාන කඳවුර පිරිමි අංශයේ ශූරතාවයට හිමිකම් කියූ අතර කාන්තා අංශයේ ශූරතාවය කටුනායක ගුවන් හමුදා කඳවුරට හිමි කරගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර සහ ගුවන් හමුදා රත්මලාන කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශවල අනුශූරතා කුසලානයට හිමිකම් කියන ලදී.

ගුවන් හමුදා ටයිකොන්ඩෝ සම්මේලන සභාපති එයාර් වයිස් මාර්ෂල් වීටීඑස් සිරිමාන්න, ගුවන් හමුදා ටයිකොන්ඩෝ සම්මේලන ලේකම්, ගෲප් කැප්ටන් එම්ඩබ්ලිව්සීඑම් වාකිස්ටා, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි