හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ඉදිකිරීම් අරඹයි.
11:47am on Tuesday 30th July 2024
වත්මන් රඡයේ තීරනයකට අනුව ශ්‍රි ලංකාවේ ඉපැරනි ගුවන්තෙටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන් තොටුපල ඡාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා නවීකරනය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු අද දින ( 2024 .07.19) වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී .

මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාඡකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිකරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය (RAF Minneriya) ලෙස හදුන්වා ඇත.

රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල මගින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ඡාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්ථනය කිරීමට ඡනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රඡය විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මූලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී.මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර්  2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.

මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06 ක් තුල නිම කිරීමට  නියමිතව ඇති අතර, ඉන් අනතුරුව එයාර් බස් 320 ,බොයිං B737 යන මාදිලි වල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකිවේ. මෙම සමස්ථ සංවර්ධන කටයුතු සදහා  රුපියල් බිලියන 17 ක් පමණ වැය වන බවත්, සියළු ඉදිකිරීම් කටයුතු ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර,අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් සිදු කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය  අවධාරණය කරයි. මෙම ගුවන් ධාවන පථයේ  පුළුල් කිරීමේ කටයුතු ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර තුළම සිදුකිරීම තුලින් අමතර ඉඩම් අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය මග හැරෙනු ඇත .

මෙම ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට රාඡ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාඡපක්ෂ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ඡී.එස් විතානගේ, ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යෂක ඡෙනරාල් එයාර් වයස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි