රුහුණු කතරගම මහා දේවාලයට වන්දනාකරුවන්ගේ ප්‍රවේශය වැඩි දියුණු කිරීම සදහා 'ගෝල්ඩන් ගේට්' ව්‍යාපෘතියට ගුවන් හමුදා දායකත්වය
11:05pm on Saturday 10th August 2024
බැතිමතුන්ගේ පහසුව ඉහළ නැංවීමේ සුවිශේෂී පියවරක් ලෙස මැණික් ගඟ හරහා පූජනීය රුහුණු කතරගම මහා දේවාලය දක්වා අභිනවයෙන් ඉදිකරන ලද 'ගෝල්ඩන් ගේට්' පිවිසුම් පියගැටපෙළ 2024 ජූලි 21 වන දින විවෘත කරන ලදී.
ඉදිකිරීම් කටයුතු 2023 පෙබරවාරි 16 වන දින ආරම්භ කරන ලද අතර අලංකාර ආරක්ෂක බිත්ති වලින් සරසා ඇති පඩිපෙළ දෙකක් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය එය 'කතරගම පාද යාත්‍රාවට' සහභාගී වන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇත. අඩි 56 ක ආකර්ෂණීය පළලකින් සහ දිග අඩි 300 ක් දක්වා විහිදෙන එය පූජනීය දේවාලය වටා ඇති යටිතල පහසුකම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාදීම සිදු කරයි. ව්‍යාපෘතිය ස්කොඩ්රන් ලීඩර් ඉමිත්රා හේරත්ගේ ප්‍රධානත්වයෙන් සහ ඉදිකිරීම් ඉංජිනේරු අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීත්ප්රියගේ අධීක්ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කටුනායක සිවිල් ඉංජිනේරු අංශයේ දක්ෂ ගුවන් භටයින් 35 දෙනෙකු විසින් සිදු කරන ලද අතර රුහුණු කතරගම මහා දේවාලය ඉදිකිරීම් සඳහා මුල්‍ය ආධාර ලබා දෙන ලදී.
කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම උත්කර්ෂවත් උත්සවයට සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක ගරු සාගල රත්නායක, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ, ඩිෂාන් ගුණසේකර, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.