විශිෂ්ට ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා භටයින් ඇගයීමට ලක් කෙරේ
11:25pm on Saturday 10th August 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වලදී ආදර්ශමත් දස්කම් දැක්වූ ගුවන් හමුදා සාමාජිකයින් හට 2024 ජූලි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී උපහාර පුද කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, දක්ෂතාවය සහ ඔවුන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ ශ්‍රී ලංකාවට ගෙන ආ ගෞරවය පිළිබඳව ඇගයීමට ලක් කරන ලදී.

2024 අප්‍රේල් 27 වන සින සිට මැයි 1 වන දින දක්වා මාලදිවයිනේ පැවති 6 වැනි ආසියානු කැරම් ශූරතාවලිය 2024 කණ්ඩායම් ඉසව්වේ දී නායක ගුවන් භට පෙරේරා ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර කණ්ඩායම් ඉසව්වෙන් ආධුනික ගුවන් භට පෙරේරා සහ ආධුනික ගුවන් කාන්තා කාවින්දි ටීජීටී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය  කාන්තා යුගල ඉසව්වේ ආධුනික ගුවන් කාන්තා කාවින්දි ටීජීටී ලෝකඩ පදක්කමද දිනාගන්නා ලදී.

2024 ජුනි 14 සහ 15 යන දිනවල දකුණු කොරියාවේ පැවති 2 වැනි ආසියානු මලල ක්‍රීඩාවේදී විසිකිරීමේ ශූරතාවලියේදී  මීටර් 85.45ක් විසි කරමින් වාර්තාවක් ලබමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබා ගැනීමට ආධුනික ගුවන් භට තරංග පීආර් සමත්විය.

මීට අමතරව, 2024 ජූලි 13 සිට ජූලි 20 දක්වා භූතානයේ පැවති 8 වැනි දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී, කෝප්‍රල් සේනාරත්න ආර්.පී.එස්.ඒ වයස අවුරුදු 68 ට වැඩි තනි පුද්ගල කුමිතෙ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ කණ්ඩායම් කුමිතෙ ඉසව්වෙන් තවත් රිදී පදක්කමක් ලබා ගන්නා ලදී. නායක ගුවන් කාන්තා කුලතුංග පී.එස්.කේ. කුමිතෙ කේවල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් අතර කුමිටේ රිදී පදක්කමට දායක වූවාය. ආදුනික ගුවන් කාන්තා පීරිස් කිලෝග්‍රෑම් 55 කේවල කේවල ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් අතර කුමිතේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමකට හිමිකම් කීවාය.

සියලුම ක්‍රීඩා ජයග්‍රහණ දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවිශේෂී දස්කම් වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුභාශිංසන පිරිනැමූ අතර ජාත්‍යන්තර තලයේ විශිෂ්ඨ ඡයග්‍රහන සඳහා අඛණ්ඩව උත්සාහ කිරීමට ඔවුන් දිරිමත් කරන ලදී. ගුවන් හමුදාවේ කීර්තිය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ දායකත්වයේ වැදගත්කම ඔහු අවධාරණය කළ අතර ඔවුන්ගේ අඛණ්ඩ සාර්ථකත්වය සමඟින් ගුවන් හමුදා ධජය ඉහළට ඔසවා තබන ලෙස සියලුම ක්‍රීඩා ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටියේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි