ගුවන් හමුදා වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය - 2024
11:30pm on Saturday 10th August 2024
2024 වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය 2024 ජූලි 27 වන දින උදෑසන ආරම්භ කරන ලද අතර, ගුවන් හමුදා විද්‍යාපීඨය, සියලුම කඳවුරු සහ ස්ථාන නියෝජනය කරමින් විවිධ වයස් කාණ්ඩවල නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තා සහ සිවිල් සේවකයින් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී මෙම උත්කර්ෂවත් ඉසව්වේ නිමාව සනිටුවන් කරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලය, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුර සමස්ත පිරිමි ශූරතාවය හිමිකරගත් අතර පිරිමි අංශයේ අනුශූරතාවය කොළඹ ගුවන් හමුදා කඳවුරට හිමිවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර සහ චීනවරාය ගුවන් හමුදා ඇකඩමිය සම ලකුණු ලබා ගනිමින් කාන්තා ශූරතාවලියේ ශූරතාවයට එක්ව හිමිකම් කීහ.

ප්රතිඵල සාරාංශය

පිරිමි
24 ට අඩු (කිලෝමීටර් 7)
පළමු ස්ථානය - ගුවන් භට කුමාර - ගුවන් හමුදා කඳවුර අම්පාර
දෙවන ස්ථානය - ගුවන් භට  කාවින්ද ඩබ්ලිව්එම්ආර් - ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය
තෙවන ස්ථානය - ගුවන් භට කුලරත්න- ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල

වයස් කාණ්ඩය 25 – 29 (කි.මී. 7)

පළමු ස්ථානය - නායක ගුවන් භට මධුෂාන් ඩබ්ලිව්ඒඑම්එල් - ගුවන් හමුදා කඳවුර අම්පාර
දෙවන ස්ථානය - නායක  ගුවන් භට ධනුෂ්ක - ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය
තෙවන ස්ථානය- කෝප්‍රල් දිසානායක  - කොළඹ ගුවන් හමුදා කඳවුර

වයස් කාණ්ඩය 30 - 34 (කි.මී. 7)
පළමු ස්ථානය - නායක ගුවන් භට දිසානායක - ගුවන් හමුදා කඳවුර අම්පාර
දෙවන ස්ථානය - කෝප්‍රල් ස්වර්ණපාල - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
තෙවන ස්ථානය - නායක ගුවන් භට අජිත් බණ්ඩාර - ගුවන් හමුදා රත්මලාන කඳවුර

වයස් කාණ්ඩය 35 - 39 (කි.මී. 2)
පළමු ස්ථානය - බළපංති සැරයන් රණසිංහ ඩබ්ලිව්ඒඩී - කොළඹ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - නායක  ගුවන් භට ලක්මාල් - ගුවන් හමුදා රත්මලාන කඳවුර
තෙවන ස්ථානය - සැරයන් සම්පත් බීටී - කොළඹ ගුවන් හමුදා කඳවුර

වයස් කාණ්ඩය 40 - 44 (කි.මී. 2)
පළමු ස්ථානය - ප්‍රමුඛ ගුවන් භට රාමර් එම් - කොළඹ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - සැරයන් බණ්ඩාර  - ගුවන් හමුදා රත්මලාන කඳවුර
තෙවන ස්ථානය - සැරයන් දේශප්‍රිය  - ගුවන් හමුදා රත්මලාන කඳවුර

45 ට වැඩි වයස් කාණ්ඩය (කි.මී. 2)
පළමු ස්ථානය - සිවිල් එම්.ඩී. විජේකෝන් මහතා - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව
දෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් භට ද සිල්වා - ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර
තෙවන ස්ථානය - ස්කොඩ්‍රන් ලීඩර් එච්.ජී.ඩී.එස් ආරියදාස - කොළඹ ගුවන් හමුදා කඳවුර


කාන්තා


24න් පහළ වයස් කාණ්ඩය (කි.මී. 2)
පළමු ස්ථානය - ගුවන් කාන්තා විමලරත්න - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව
දෙවන ස්ථානය - ගුවන් කාන්තා කේෂානි ආර් - ගුවන් හමුදා කඳවුර අම්පාර
තෙවන ස්ථානය - ගුවන් කාන්තා මදුවන්ති එම්.එච්.එම් - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

වයස් කාණ්ඩය 25 - 29 (කි.මී. 2)
පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා වර්ණකුලසූරිය ඩබ්ලිව්එන්ඒ - ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය
දෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් යානා කාන්තා වාසනා -  ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය
තෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් කාන්තා කේරගල - ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර

වයස් කාණ්ඩය 30 - 34 (කි.මී. 2)
පළමු ස්ථානය - නායක ගුවන් කාන්තා දිල්රුක්ෂි - ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර
දෙවන ස්ථානය - සැරයන් සමරවීර - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල
තෙවන ස්ථානය - ලෙයිට් ලෙෆ්ටිනන්ට් නිර්මාණි - ගුවන් හමුදා කටුනායක කඳවුර

වයස් කාණ්ඩය 35 - 39 (කි.මී. 2)
පළමු ස්ථානය - සැරයන් පෙරේරා - කොළඹ ගුවන් හමුදා කඳවුර
දෙවන ස්ථානය - කෝප්‍රල් නිලක්ෂිකා  - කොළඹ ගුවන් හමුදා කඳවුර
තෙවන ස්ථානය -ස්කොඩ්‍රන් ලීඩර් එස්.ජී.කේ. අනුරුද්ධික - කටුනායක ගුවන් හමුදා කඳවුර

දක්ෂතම කාන්තා ක්‍රීඩිකාව

ගුවන් කාන්තා විමලරත්න - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

දක්ෂතම පිරිමි ක්‍රීඩකයා
ගුවන් භට කුමාර - ගුවන් හමුදා කඳවුර අම්පාර

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි