මොරවැව ගුවන් හමුදා කඳවුර 51 වැනි සංවත්සරය සමරයි
11:34pm on Saturday 10th August 2024
දේශීය පාසල් නඟා සිටුවීම, පරිසරය සුරැකීම, සෞඛ්‍ය සේවා පහසුකම් සඳහා සහය වීම සහ අන්තර් ආගමික සහජීවනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රජා සේවා වැඩසටහන් මාලාවක් හරහා සමාජ සුබසාධන කටයුතු සිදු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර 51 වැනි සංවත්සරය සමරන ලදි.

ගුවන් හමුදා මොරවැව කඳවුර සංවත්සරයට සමගාමිව 2024 ජූලි 23 වන දින දේශීය පාසල් තුනක ඉගෙනුම් පරිසරයන් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රමදාන වැඩසටහන් සිදුකරන ලදී. මොරවැව දකුණ සිංහල පාසල, කඹකෝට්ටේ පාසල සහ අව්වේනගර් මුස්ලිම් පාසල මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් විය. සිසුන් සඳහා ප්‍රසන්න වාතාවරණයක් ඇති කිරීම සඳහා පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමෙහි සක්‍රීයව නිරත විය. මෙම සාමූහික ප්‍රයත්නයට ගුරුවරුන් සම්බන්ධ වූවා පමණක් නොව පාසල් දරුවන්ගේ දෙමාපියන්ගෙන් ද සහයෝගයක් ලැබිණි මෙමගින් ළමුන් 250 කට වැඩි පිරිසකට වැඩි දියුණු කළ පහසුකම්වලින් ප්‍රතිලාභ ලබාගැනිමට හැක.

වෙරළබඩ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින්, මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් 2024 ජූලි 24 වන දින නිලාවේලි වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. ප්‍රාදේශීය පරිසර බලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ සහයෝගයෙන්, කාර්ය මණ්ඩලය විසින් වෙරළ තීරයේ කුණු ඉවත් කරන ලදී.

2024 ජූලි 25 වැනි දින ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වනු ලැබූ අතර කඳවුරේ සියලුම සාමාඡිකයින්ගේ සහය ඇතිව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහලේ ලේ බැංකුවට දායක වෙමින්, හදිසි අවස්ථා වලදී ජීවිත ගණනාවක් බේරාගැනීමට හැකිවන පරිදි 100 දෙනෙකු ලේ පරිත්‍යාග කළහ.

2024 ජුලි 26 වන දින රෝගීන් සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ගෝමරන්කඩවල රෝහල, මහදිවුල්වැව ප්‍රාදේශීය රෝහල සහ මොරවැව මූලික වෛද්‍ය ප්‍රතිකාර ඒකකයේ ශ්‍රමදාන වැඩසටහන් සිදුකරන ලදී.

මොරවැව ප්‍රදේශයේ යුද සමයේදී මියගිය රණවිරුවන් 78 දෙනෙකු සිහිකරමින් 2024 ජූලි 27 වන දින බෞද්ධ භික්ෂූන් වහන්සේලා 51 නමකගේ සහභාගීත්වයෙන් දානමය පිංකමක් පැවැත්විණි. මෙම උත්සවයේදී මෙම විරුවන් කළ කැපකිරීම් අගයමින් සමස්ත ගුවන් හමුදාවටම ආශිර්වාද පළ කළේය.

තවද, මොරවැව ගුවන් හමුදා කඳවුර විසින් 2024 ජූලි 28 වන දින නාමල්වත්ත මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලිය, ශාන්ත අන්තෝනි දේවස්ථානය මොරවැව සහ පන්කුලම් පුල්ලෙයාර් හින්දු කෝවිල යන ආගමික ස්ථාන තුනකදී තවත් ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී.

51 වැනි සැමරුමට සමගාමීව චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය ගුවන් හමුදා මොරවැව කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බී එම් එච් බාලසූරිය විසින් සමාලෝචනය කරන ලද අතර 2024 ජූලි 29 වන දින කඳවුරු පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් සහ ක්‍රීඩා පිටියේදී සුහද ක්‍රිකට් හමුවක් සහ සංගීත රාත්‍රියක් සමඟින් දින සැමරුම් කටයුතු අවසන් කරන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි