සමාරම්භක ආරක්ෂක ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා ඕස්ට්‍රේලියානු දූත පිරිස ගුවන් හමුදාපති හමුවෙයි
ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ත්‍රිපුද්ගල දූත පිරිසක් 2024 ජූලි 31 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. උතුරු සහ දකුණු ආසියාවේ සහකාර ලේකම් කැරන් රැඩ්ෆෝර්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දූත පිරිසට සහකාර අධ්‍යක්ෂ ලච්ලන් සිලර් මහතා සහ ප්‍රතිපත්ති නිලධාරී නෝවා ඩයමන්පොවුලෝස් මහතා ඇතුළත් විය. දූත පිරිස සමඟ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් ද එක්ව සිටියා.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ගුවන් හමුදාව සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර සමාරම්භක ආරක්ෂක ප්‍රතිපත්ති සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු විය. ඵලදායි සහ සුහද සාකච්ඡාවෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි