ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘ඊගල්ස්’ ස්කයිඩයිව් ශ්‍රී ලංකා’ ටැන්ඩම් ජම්ප් ක්‍රීඩා සමාජය දියත් කරයි
7:57pm on Saturday 24th August 2024
ශ්‍රී ලංකාවේ වික්‍රමාන්විත සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් ලබා දෙමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2024 අගෝස්තු 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේදී ‘ඊගල්ස්’ ස්කයිඩයිව් ශ්‍රී ලංකා’ ටැන්ඩම් ජම්ප් ක්‍රීඩා සමාජය විවෘත කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මගපෙන්වීමකට අනුව සිදුකරන ලද වැඩසටහන වික්‍රමාන්විත ලෝලීන්ට සහ සංචාරකයින්ට ප්‍රීතිමත් අත්දැකීමක් ලබා දීමේ අරමුණ මෙන්ම මෙම ත්‍රාසජනක ක්‍රීඩාව දිවයින පුරා ස්ථාපිත කිරීමට බාහිර පාර්ශ්ව දිරිමත් කර අවසානයේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කරමිනි.

මනා පැරෂුට් පුහුණුවක් ලැබූ පළපුරුදු පැරෂුට් කරුවන් සඳහා නිර්මාණය කර ඇති ටැන්ඩම් ඡම්ප් උපදේශක පාඨමාලාව, ආසන්න වශයෙන් අඩි 13,500 ක උන්නතාංශයක සිට සිදුකරනු ලබයි. සහතික හිමි ටැන්ඩම් ඡම්ප් උපදේශකයින්, මෙම පුහුණුව සාර්ථකව නිම කර ඇති අතර, නුපුහුණු පුද්ගලයින් ආරක්ෂිතව මෙහෙයවීම තුලින් අහසේ සිට බිමට ත්‍රාසජනක ටැන්ඩම් පැනීමේ අත්දැකීමක් එක්කර දෙනු ලබයි. සමාරම්භක උත්සවය අතරතුර, ආධුනික ජම්ප් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මෙම ක්‍රියාකාරකම සියැසින්ම අත්විඳීමේ භාග්‍ය ​​උදාවිය. ආධුනිකයින් සදහා මෙම අත්දැකීම්වල ආරක්ෂාව සහතික කිරීමේ අරමුණින්ස සමාරම්භක ටැන්ඩම් ඡම්ප් සැසියට ද ගුවන් හමුදාධිපතිතුමන්ද සහභාගී විය.

‘ඊගල්ස්’ ස්කයිඩයිව් ශ්‍රී ලංකා’ ටැන්ඩම් ජම්ප් ක්‍රීඩා සමාඡය දියත් කිරීමත් සමඟ ත්‍රාසජනක ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ටද දැන් මෙම සුවිශේෂී වික්‍රමය භුක්ති විඳිය හැකිය.

මෙම සමාජයේ ටැන්ඩම් ජම්ප් මෙහෙයුම් එක්සත් ජනපද පැරෂුට් සංගමයේ (USPA)පුහුණුව ලත් ගුවන් හමුදා නිලධාරීන් වන ගෲප් කැප්ටන් ජගත් ගොඩකන්ද, විංග් කමාන්ඩර් සුමේධ රිටිගල සහ විංග් කමාන්ඩර් විජිත ගෝමිස් විසින් මෙහෙයවන ලදී. සෑම උපදේශකයෙක්ම පැරෂුට් පැනීම් 1500ක් සම්පූර්ණ කර ඇති අතර ජාත්‍යන්තර පැරෂුට් සංදර්ශනවලට සහභාගී වීමට අමතරව විදේශයන්හි විශේෂිත පැරෂුට් පුහුණුව ලබා ඇත.

ගුවන් හමුදාව විසින් මෙම Tandem Jump ත්‍රාසය සැමට ප්‍රවේශ විය හැකි ලෙස සකසා ඇති අතර වැඩි විස්තර +94 768184436 හෝ +94 772229264 ඇමතීමෙන් හෝ https://www.airforce.lk/skydive/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

සමාරම්භක උත්සවය සඳහා මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ෆෝර්ට්‍රෙස් හොටෙල් ඇන්ඩ් ස්පා නියෝඡිතයින්, කොග්ගල බීච් හෝටල් කලමනාකරු,උණවටුන විඡය බීච් කළමනාකාර අධ්‍යක්ෂ, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි