
රත්මලාන ගුවන් හමුදා කඳවුර අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 02 ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2024 අගෝස්තු 02 දින පෙළපාලිය චතුරශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්.එම්.එල්.එස්. ලංකාතිලක නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් පීඑල් ගුණවර්ධන නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිලධාරි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා මූලස්ථානයේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.
නික්ම යන අණදෙන නිලධාරි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගුවන් හමුදා මූලස්ථානයේ පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂවරයා ලෙස රාජකාරි භාරගැනීමට නියමිතව ඇත.








