ගුවන් හමුදා කටුනායක කඳවුරේ සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ 'ඇට්ලස් ඒන්ජල්' ද්විපාර්ශ්වික අභ්‍යාසයේ සමාරම්භය
12:05pm on Friday 30th August 2024
මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය විසින් මෙහෙයවනු ලබන ‘ඇට්ලස් ඒන්ජල්’ ද්විපාර්ශ්වික අභ්‍යාසය 2024 අගෝස්තු 05 දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී ආරම්භ විය. මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සිවිල් විශේෂඥයින්ගේ අතිරේක සහභාගීත්වයෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා හමුදාව අතර සැලකිය යුතු සහයෝගීතාවයක් සනිටුහන් කරමින්, එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදාව සමඟ සහයෝගීතාවයෙන් මෙම විස්තීර්ණ පස්දින පුහුණුව පවත්වන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරේදී C-130 නියමු හුවමාරුව, C-130 ගුවන් සේවා නඩත්තුව සහ මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR),වෛද්‍ය සහනාධාර, සෙවීම් සහ මුදාගැනීම (SAR) කෙරෙහි අවධානය යොමු කරමින් 'ඇට්ලස් ඒන්ජල්' අභ්‍යාසය විෂය කරුණු හයක් යටෙත් පවත්වන ලදී.

ස්වභාවික සහ මිනිසා විසින් සිදු කරන ලද ආපදාවලට විසඳුම් සෙවීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ සූදානම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් මෙම අභ්‍යාස වැඩමුළුව සදහා ගුවන් නියමුවන්, පියාසර ඉංජිනේරුවන්, බර පරීක්ෂක නිළධාරීන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සහභාගී විය. ආපදා ප්‍රතිචාර ප්‍රයත්නයන්හිදී අන්‍යෝන්‍ය අවබෝධය සහ සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සඳහා පවත්වනු ලබන මෙම අභ්‍යාසය මගින් උසස් ආපදා කළමනාකරණ ක්‍රම පිළිබඳ වටිනා අත්දැකීමක් ලැබෙනු ඇත.

කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති මෙම සමාරම්භක උත්සවයට මොන්ටානා ප්‍රාන්තයේ සහකාර ජෙනරාල් සහ මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් පීට් හ්‍රොනෙක්, ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් පිරිසක් ඒක්ව සිටියහ.

කටුනායක ගුවන් හමුදා කඳවුර

චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි