"නෙට්" දැල් පන්දු තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
කුරුණෑගල "නෙට්" ක්‍රීඩා සමාජය සංවිධානය කල "නෙට්" දැල් පන්දු තරඟාවලියේ
ශූරතාවලිය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් පසුගියදා සමත්විය.මෙම තරඟාවලිය කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගනයේදී ජූලි මස 09 සහ 10 යන දෙදින තුල දිවයිනේ ප්‍රමුඛ පෙලේ ක්‍රීඩා සමාජ 08ක සහභාගීත්වයෙන් පැවැත්වුනු අතර අපරාජිත ගුවන් හමුදා පිලට අවසාන මහා තරඟයේදී යුධ හමුදාව සමඟින් තරඟය වැදීමට සිදුවිය.

මෙම තරඟය ලකුණු 45ට 29ක් ලෙස ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් පහසුවෙන් ජයග්‍රහණය කල අතර ගුවන් කාන්තා එරන්දිකා, දිල්රුක්ෂි සහ නිදූෂිකා ඔවුන් දැක්වූ දක්ෂතා මත පිළිවෙලින් හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව, හොඳම දැල් විදින්නිය, හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි