අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාව 2024
12:54pm on Saturday 31st August 2024
2024 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරග 2024 අගෝස්තු 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය අවසන් මහා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. ශ්‍රී ජයවර්ධනපුර සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනූෂා දර්ශි මහත්මිය, ගුවන් හමුදා දැල්පන්දු සංචිතයේ සභාපති එයාර් කොමදෝරු සුරේකා ඩයස්, ක්‍රීඩා අධ්යක්ෂ එයාර් කොමදෝරු සමනත වීරසේකර, ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු රුවන් චන්දිම සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් අවසන් මහා තරගය නැරඹීමට සහභාගි විය.
2024 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී රත්මලාන ගුවන් හමුදා කඳවුර පරදවා ලකුණු 19-14 ක ජයක් අත්කර ගැනීමට චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සමත් විය. කාන්තා නිලධාරිනී කැඩෙට් වික්‍රමසිංහ පීඩීජේඒ දක්ෂතම පන්දු විදින්නා ලෙසින් සම්මාන ලැබූ අතර ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය නියෝජනය කළ ෆ්ලයින් ඔෆිසර් චංචලා මධුෂානි දක්ෂතම පන්දු රකින්නා බවට පත්විය. දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් මනුෂි ද සිල්වා සමත් විය.
2024 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ දැල්පන්දු රැජින ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ජයනි හේවාපතිරණ කිරුළු පැළඳුවාය.