ගුවන් හමුදාපති රග්බි කුසලානය ශ්‍රී ලංකා Sports Fiesta 2024 උළෙලට පෙර එළිදක්වන ලදී
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ක්‍රීඩා අසිරිය 2024 අගෝස්තු 16 වන දින සිට 18 වන දින දක්වා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. ක්‍රිකට්, රග්බි, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල්, හොකී සහ පැසිපන්දු ක්‍රීඩා හතක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000 කට අධික සංඛ්‍යාවක් මෙම ගෞරවනීය ඉසව්වට සහභාගී වනු ඇත.
Sports Fiesta 2024 හි ප්‍රමුඛතම ඉසව්වක් වන ගුවන් හමුදාපති කුසලාන රග්බි තරඟාවලිය 2024 අගෝස්තු 16 වන දින කොළඹ තුරඟ තරඟ පිටියේදී ආරම්භ වීමට නියමිතව අති අත. මෙවර තරගාවලියේදී CR & FC ක්‍රිඩා සමාඡය, හැව්ලොක්ස් ක්‍රිඩා සමාඡය, යුධ හමුදා ක්‍රිඩා සමාඡය, නාවික හමුදා ක්‍රිඩා සමාඡය, ගුවන් හමුදා ක්‍රිඩා සමාඡය, සහ පොලිස් ක්‍රිඩා සමාඡය ඇතුළු 'A' කොටසේ පිරිමි ක්‍රිඩා සමාජ මෙන්ම යුධ ක්‍රිඩා සමාඡය, නාවික හමුදා ක්‍රිඩා සමාඡය, ගුවන් හමුදා ක්‍රිඩා සමාඡය වැනි 'A' කොටසේ කාන්තා ක්‍රිඩා සමාජ ද සහභාගී වීමට නියමිතව ඇත.
ගුවන් හමුදාධිපති කුසලාන රග්බි කුසලානය 2024 අගෝස්තු 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ දී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගී වන ‘ඒ’ කොටසේ සියලුම රග්බි කණ්ඩායම් පැමිණ සිටි අතර ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියළුම කණ්ඩායම් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ක්‍රීඩා අධ්‍යක්ෂ, ගුවන් හමුදා රග්බි සම්මෙලනයේ සභාපති, ගුවන් හමුදා රග්බි සම්මෙලනයේ උප සභාපති, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම්, ගුවන් හමුදා රග්බි සම්මෙලයේ ලේකම් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සෙසු සාමාජිකයින් සහභාගී විය.