ඉන්දු-පැසිෆික් ප්‍රයත්නය 2024 හි කොටසක් ලෙස ගුවන් හමුදාව ආරක්‍ෂක හමුදා නීති දැනුම බෙදාගැනීමේ සැසියක් පවත්වනු ලබයි
ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉන්දු-පැසිෆික් ප්‍රයත්නය (IPE) 2024, ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන් සමඟ සතියක කාලයක් පුරා කටයුතු සිදු කරන ලදී. ඕස්ට්‍රේලියානු දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ඉන්දු-පැසිෆික් ප්‍රයත්නයෙහි අණදෙන නිලධාරි රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කොමඩෝරු මයිකල් හැරිස් සමඟ ඒකාබද්ධ නියෝජිත කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරි රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් විසිනි.

ගුවන් හමුදා සාමාජිකයින් සඳහා 'හමුදා නීතිය' පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් සිව් දින සැසියක් පවත්වන ලදී. නිළධාරී වෙස්ලි හෙරොන් විසින් මෙහෙයවන ලද සහ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ පස් දෙනෙකුගෙන් යුත් දූත පිරිසකගේ සහාය ඇතිව මුහුදු නීතිය, සමුද්‍රීය වසම තුළ නීතිය ක්‍රියාත්මක කිරීම, සංවර්ධනය සහ සමකාලීන තත්ව වැනි තීරණාත්මක මාතෘකා යටතේ දේශන පවත්වන ලදී. මෙම සවිස්තරාත්මක වැඩසටහන සඳහා ගුවන් හමුදා නියමුවන් සහ නීති වෘත්තිකයන් සක්‍රීයව සහභාගී වූ අතර 2024 අගෝස්තු 15 ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේදී අවසන් විය. .


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි