දියතලාව සටන් පුහුණු පාසල විසින් ගුවන් හමුදා පෙරපාසල් ගුරුවරුන් සදහා වැඩමුළුවක් පවත්වන ලදී
8:09pm on Saturday 31st August 2024
2024 අගෝස්තු 12 සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙරපාසල් ගුරුවරුන් සඳහා ඉගැන්වීමේ කුසලතා, නායකත්වය සහ කුසලතා ප්‍රදර්ශන ඇතුළත් තෙදින වැඩමුළුවක් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී (CTS) පැවැත්විණි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහ සුබසාධන අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
දියතලාව සටන් පුහුණු පාසලේ කාර්මික උපදේශිකා ආචාර්ය තුෂාරි කෝරලගේ, විහානි තෙන්නකෝන් මහත්මිය, විංග් කමාන්ඩර් චානක මාලිගස්පේ සහ උපදේශකවරුන් විසින් මෙම වැඩමුළුව පවත්වන ලද අතර උසස් උපදේශන ශිල්පීය ක්‍රම, නිරූපණ, පන්තිකාමර කළමනාකරණය, නායකත්වය, අභිප්‍රේරණය, ඉගැන්වීමේ විෂයයන් පිළිබඳ සැදුම්ලත් දේශන වලින් සමන්විත වූ මෙම වැඩමුළුව සදහා ගුවන් හමුදා පෙරපාසල් සියලුම ගුරුවරුන් සහභාගී විය.
අභ්‍යන්තර හා සුබසාධන අධ්යක්ෂ ඡෙනරාල් එයාර් කොමඩෝර් සුලෝචන මාරප්පෙරුම සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු හුමාල් ධර්මදාස මහතා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.