ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සිරිකෙත ප්‍රාථමික විද්‍යාලයේ ගුවන් මිතුදම් ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ගුවන් මිතුදම් ප්‍රජා සේවා ව්‍යාපෘතිය 2024 අගෝස්තු 15 වන දින සිරිකෙත ප්‍රාථමික විද්‍යාලයේදී සාර්ථකව අවසන් කරන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.එම්.ඒ මෙන්ඩිස් මහතා සහභාගී වූ අතර, හිඟුරක්ගොඩ, සිරිකෙත ප්‍රාථමික විද්‍යාලයේ නවීකරණය කරන ලද ඡලකරාම පද්ධතිය නිල වශයෙන් භාර දෙන ලදී.
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද අතර එහි කටයුතු භාර නිලධාරී ස්කොඩ්‍රන් ලිඩර් ප්‍රභාත් වීරසුන්දර නිලධාරීතුමන් විසින් සම්බන්ධීකරණය කරන ලදී. ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ අරමුදල් සපයන ලද අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර විසින් ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.
මෙම උත්සවය සඳහා උප විදුහල්පතිතුමා, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ඇතුළු පාසල් ප්‍රජාව මෙන්ම, නිලධාරීන්, සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.